Wednesday, January 22, 2014

JAVA #9 : Increment Operators භාවිතා කරන හැටි

අද පාඩමෙන් මම කියන්න යන්නෙ Increment Operators කියලා මෙව්ව එකක් ගැන. පාඩම ඉස්සරහට යද්දි මම කියන්නෙ මොකක්ද කියලා ඔයාලට තෙරෙයි. ඇත්තටම මෙකෙන් වෙන්නෙ අපේ program එකේ තියෙන මොකක් හරි variable එකකට කිසියම් අගයක් එකතු කරන එක, අඩු කරන එක, වැඩිකරන එක..... වගේ එකක්. ඔක ඉතින් ගියපාර පාඩමෙනුත් කරා නෙ කියලා ඔයාලට හිතෙයි, ඒත් මෙක ටිකක් වෙනස්. මෙක පැහැදිලි කරන්න අපි පොඩි program එකක් ලියමු. එහෙනම් පහල විදිහට, variable එකක් හදලා, එකට අගයක් ආදේශ කරලා ඊට පස්සෙ ඒක display කරන්න program එක ලියන්න.
(Note:සියලුම codding NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත) 

int value;
value=10;
System.out.println(value);


අපි හිතමු අපිට, program එකෙ run වෙන අතරතුරදි "value" කියන variable එකේ අගය(දැනට 10 කියලා තියෙන්නෙ) 1 කින් වැඩි කරගන්න ඕනෙ උනා කියලා. ඒකට ඔය 2 හා 3 line 2 අතරට මෙහෙම type කරන්න.

++value;

දැන් code එක මෙහෙමයි තියෙන්නෙ.

int value;
value=10;
++value;
System.out.println(value);


 
එතකොට උත්තරේ විදිහට 11 කියලා පෙන්නනවා. පහල විදිහට ලියන්නත් පුලුවන්.

int value;
value=10;
System.out.println(++value);


ඒත් උත්තරේ 11 කියලා එනවා.
අපි "value++" කියලා, "+" ලකුනු 2 පිටිපස්සෙන් දැම්මොත් මොකක් වෙයිද. එත්කොට run කරද්දි උත්තරේ 10 කියලයි හම්බෙන්නෙ. එකට හේතුව, value කියන veriable එක print කරාට පස්සෙ තමයි අපි 1ක් එකතු කරන්න කියලා තියෙන්නෙ. මෙක තව ටිකක් පැහැදිලි කරගන්න පහල විදිහට ආයෙත් value එක print කරන්න code එක ලියලා බලන්නකො.

int value;
value=10;
System.out.println(value++);
System.out.println(value);


එහකොට උත්තරේ, කලින්10 කියලා ඇවිත් ඊලඟට 11 කියලා එනවා. print කරාට පස්සෙ 1ක් එකතු කරගන්න ඕනෙනම් ඔහොමයි ලියන්නෙ.

1ක් එකතු කරන්න විතරක් නෙවෙයි, 1ක් අඩු කරන්නත් පුලුවන්. එකට "++" වෙනුවට "--" කියල දෙන්න විතරයි තියෙන්නෙ.

int value;
value=10;
System.out.println(--value);


 
අපි දැන් කතාකරේ 1ක් එකතු කරන හෝ අඩු කරන හැටි ගැනනෙ.
එකට වඩා වැඩි ගානක් එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න.... ඕනෙනම්, පහල විදිහට කරන්න පුලුවන්.

int value;
value=10;
value = value + 5;
System.out.println(value);


 
ඔතන "+" ලකුණ වෙනුවට " -  , *  ,  / , % " කියන ඕනෙම ලකුණක්  දාන්න පුලුවන්. ඕක තව ටිකක් ලේසි කරගන්න පුලුවන්, මෙහෙම ලිව්වොත්. " value += 5 "

int value;
value=10;
value += 5;
System.out.println(value);

 

ඒත් උත්තරේ 15 කියලා එනවා. ඔතන "+" ලකුණ වෙනුවටත් අපිට " -  , *  ,  / , % " කියන ඕනෙම ලකුණක්  දාන්න පුලුවන්.

එහෙනම් අදට පාදම ඔතනින් ඉවරයි. ඊලඟ පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!

0 comments:

Post a Comment