ඔයාලගෙ class එකට ඉහලින් මෙහෙම type කරන්න.
(Note: සියලුම coddings NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත)
import java.util.Scanner;
"කහ" පාටින් ඉරි වැටුනට බයවෙන්න එපා. ඒකෙන් කියන්නෙ අපි තාම "Scanner" එක පාවිච්චි කරලා නෑ කියන එක.
දැන් අපේ method එකට යන්නකො. ඇත්තටම ඕකට කියන්නෙ "main method" කියලා. ඒකතමයි public static void "main" කියලා තියෙන්නෙ. අපේ program එක run වෙද්දි JAVA වලින් මුලින්ම හොයන්නෙ ඔය main methord එක කොහෙද කියල්ලා, ඒක තමයි මුලින්ම run කරවන්නෙ. ඕව තව ඉස්සරහට තේරෙයි. හරි දැන් main methord එකේ මෙහෙම type කරන්නකො.
Scanner apple = new Scanner(System.in);
System.out.println(apple.nextLine());
අපි input එකක් ගන්න ලියන code එක තමයි මේක. "Scanner (variable) = new Scanner(System.in)"
variable කියන තැන අපිට අවශ්‍ය නමක් දෙන්න පුලුවන්. user ලබාදෙන input එක තාවකාලිකව තියාගන්නෙ මේ variable එකේ. "System.in" කියන එකෙන් කියන්නෙ අපි input දෙන්නෙ මොකෙන්ද කියන එක, ඒ කියන්නෙ keyboard එක. දැන් ඕක run කරන්නකො...
output window එකේ ඔයාට කැමති එකක් type කරලා enter කරන්න.
ඒකට හේතුව අපි ඊලඟ code එකෙ ලිව්වෙ, user type කරපු එක display කරන්න කියලා " System.out.println(apples.nextLine()); ". ගියපාර පාඩමේදි මම කිව්වනෙ ඔතනට variable name එක විතරක් දුන්නම ඇති කියලා. හබැයි අපි Scanner එක පාවිච්චි කරන හින්දා variable name එක විතරක් දුන්නට මදි. අපි input කරන එක මොන වගේ data එකද්ද කියලා කියන්න ඔනෙ. මෙතනදි අපි අකුරු input කරන හින්දා "nextLine()" කියලා දීල තියෙනවා. ඔය ගැන වැඩි විස්තර ඊලඟ පාඩමේදි කියන්නම්කො. ඉතින් ඔන්න ඔහොම තමයි input දෙන්නෙ....
එහෙනම් ඊලඟ පාඩමෙන් හම්බෙමු.
ඔයාලට සුභ දවසක් වේවා...!
0 comments:
Post a Comment