ගිය පාර පාඩමෙදි මම පොරොන්දු උනානෙ මේ පාර codding පටන්ගන්නවා කියලා. ඉතින් ඒ හින්දා වැඩි සද්ද බද්ද නතුව වැඩෙ පටන් ගම්මු.
ගියපාර අපි NetBeans IDE එක install කරගත්ත නෙ. Install කරගන්න හැටි කවුරුත් දන්න නිසා මම එ ගැන කියන්න ගියෙ නෑ. කොහොම හරි දැන් ඉතින් NetBeans install කරගෙන ඇති කියලා මම හිතනවා.
හරි එහෙනම් NetBeans open කරගන්නකෝ. මුලින්ම open කරද්දි පල්ලෙහා තියෙනව වාගේ රූපයක් තියෙයි. ඔක හැම වෙලේම NetBeans open කරද්දි පෙන්වන එක වලක්වා ගන්න ඔය උඩින් තියෙන check Box එක untick කරන්න.
දැන් පල්ලෙහා වාගේ රූපයක් පෙනේවි. ඔක තමයි NetBeans ප්‍රධාන කවුලුව.
දැන් අලුත් Project එකක් පටන්ගන්න ඔනෙ. ඒකට File ----> New ගිහින් "Java Application" තෝරලා "Next" කරන්න.
ඊට පස්සෙ එන කවුලුවෙන් ඔයාගෙ Project එකට ගැලපෙන නමක් දීල, save කරන තැන ලෙස අපි JAVA #2 පාඩමේ දි හදපු folder එක තොරල දෙන්න. Finish කරන්න.
දැන් පල්ලෙහා වගේ රූපයක් පෙනේවි. ඒකට බයවෙන්න නම් එපා. NetBeans වලින් සමහර codes අපට ලියලම දෙනවා. ඔය "අලු" පාටින් වැටිලා තියෙන එව ටික Delete කරපුහම ටිකක් පුරුදු ගතියක් දැනෙනවා නේද.
ඔය "project MyApp1" කියල Project එකේ නම උඩින්න්ම තියෙනවා. ඊලඟට class එක. class එක ඇතුලේ main Method එක එහෙමත් නැත්තම් sub class එක තියෙනවා. ඕවා කලින් කියලා තියෙනවනේ.
අන්න ඒ main method එක අතුලේ තමයි දන් මේ ලියන්න යන code එක ලියන්නෙ. එහෙනම් පල්ලෙහ තියෙන code එක type කරන්නකො...
system.out.print("Hi Buddy...!");
දැන් ඔය run button එක ඔබන්න. එතකොට අපි ලියපු "java program" එක compile වෙයි. ඊට පස්සෙ පල්ලෙහායින් එන Output කියල කවුලුවක අපේ program එකේ output එක පෙන්නයි.
අපි ලියපු codding වල වැරැද්දක් තියෙනම් ඒක "රතු" පාට ඉරි වලින් පෙන්නනවා. එත්කොට ඒ වැරැද්ද හරිගස්සන්න ඔනෙ. ඔක්කොම හරියට උනානම් output එක ලස්සනට ඇවිත් තියෙයි.
අපි දැන් code එක දිහා බලමු...
" system.out.print() " , මේක තමයි java වලදි අපිට අවශ්‍ය දෙයක් අදාල කවුලුව මත display(print) කරන්න භාවිතාකරන code එක.වරහන් ඇතුලෙ අපිට display කරවන්න අවශ්‍ය දේ උදෘතපාට ( " " ) අතුලේ දෙන්න ඔනෙ(උදෘතපාට අනවශ්‍ය වෙලාවලුත් තියෙනවා). ඒවගේම තමයි තවත් වැදගත් දෙයක් තියෙනවා. හැම java code එකක් අවසානයේදීම තිත් කොමාව ( ; ) ලකුන දාලා ඉවරකරන්න මතක තියාගන්න ඕනෙ. ඒක java වල නීතියක්.
දැන් මෙහෙම type කරලා බලන්න...
system.out.print("Hi Buddy...!");
system.out.print("How are you?");
system.out.print("I think you are OK");
ඕක run කරලා output එක බලන්න කෝ. අපි වෙන වෙනම ලියපු වාක්‍ය තුන එකම පේලියේ display වෙනවා.
මෙහෙම නැතුව වෙනවෙනම පේලි වල display කරවගන්න ඕනෙනම් අපි code එකේ පුන්චි වෙනසක් කරන්න ඕනෙ. ඒක තමයි. "print" වෙනුවට "println" කියලා යොදන එක. Print Line වගේ අර්ථයක් තමයි ඒකෙ තියෙන්නෙ
system.out.println("Hi Buddy...!");
system.out.println("How are you?");
system.out.println("I think you are OK");
දැන් හිතන්න අපි පහල විදිහට code කරොත් මොකක් වෙයිද...
system.out.print("Hi Buddy...!");
system.out.println("How are you?");
system.out.println("I think you are OK");
මුල් වක්ය දෙක එකම පේලියක display වෙලා තුන්වන වක්ය අලුත් පේලියක display වෙනවා. println කියලා අපි code කරොත්, ඒකට පස්සෙ තියෙන පේලිය තමයි ඊලඟ line එකේ පෙන්නන්නෙ.
අද මම කරපු ටික පැහැදිලි උනා කියලා මම හිත්නවා.එහෙනම් තවත් දවසක හමු වෙමු.
ඔයාලට සුබ දවසක් වේවා...!
Thursday, December 26, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment