Wednesday, January 1, 2014

JAVA #7: සරල calculator එකක් හදමු

අපි මෙතෙක් කල් ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා, සංඛ්‍යා 2 ක් එකතු කරන්න පුලුවන් සරල calculator එකක් හදන හැටි අද බලමු. මම අද හදන program එකේ ක‍ටුසටහනක් මම පහලින් දැම්මා. ඒක පොඩ්ඩක් බලලා පොඩි අදහසක් ගන්නකෝ...

දැන් පොඩි අදහසක් ඔලුවෙ ඇති කියලා මම හිතනවා.
එහෙනම් අපි පටන්ගම්මු. මේ program එකට user input ලබාදෙන්න ඕනෙ හින්දා, අපි ඉස්සරවෙලාම Scanner එක import කරගමු. ඒකට class එකට ඉහලින් මෙහෙම type කරන්නකෝ.

(Note:සියලුම codding NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත) 

" import java.util.Scanner; "

දැන් අපි variables හදාගන්න ඕනෙ. මේකට variables 3 ක් ඕනෙවෙනවා...

1. පලමු අංකය සඳහා(FNum)
2. දෙවන අංකය සඳහා(SNum)
3. පිලිතුර සඳහා(Answer)

calculator එකක් උනාම පූර්න සංඛ්‍යා, දශම සංඛ්‍යා වගේ ඕනෙම ඉලක්කමක් ඇතුල් කරන්න පුලුවන් වෙන්න ඕනෙ හින්දා, Data Type එක විදිහට "double" කියන එක ‍තෝරාගම්මු. එතකොට variable 3 ම "double" කියන "Data type" එකෙන් තියෙන්න ඕනෙ. එහෙනම් main method එකේ පහල විදිහට ලියන්නකෝ...

double FNum;
double SNum;
double Answer;

මේක ලියන්න තව විදිහක් තියෙනවා. මේ variable 3 ම එකම Data Type එකේ හින්දා පහල විදිහට කොමා දාල ලියන්නත් පුලුවන්.

double FNum, SNum, Answer;

ඒක ලේසි ක්‍රමයක්.
දැන් Scanner එක වැඩේට සම්බන්ද කරගමු. ඒකට මෙහෙම ලියන්න.

" Scanner UserInput = new Scanner(System.in); "

ඕකෙ "UserInput" කිව්වෙ Scanner variable එක. මතක ඇතිනෙ කලින් පාඩමේ කිව්වා.
දැන්, "Enter First Number" කියලා display කරවන්න හදන්න ඕනෙ. එකට මෙහෙම ලියන්න.

" System.out.print("Enter First Number: "); "

දැන් user input කරන number එක "FNum" කියන variable එකට යවන්න code එක ලියන්න ඕනෙ. ඒකට පහල විදිහට ලියන්න.

" FNum = UserInput.nextDouble(); "


ඔතනත් "UserInput" කියලා කිව්වෙ Scanner variable එකම තමයි. එතකොට ".nextDouble()" කියන කෑල්ල...?
මම කලින් පාඩමේදි කිව්ව මතක ඇති Scanner එක හරහා input ගනිද්දි input කරන Data type එක මොනවගේ එකක්ද කියලා කියන්න ඕනෙ. මේ program එකෙදි අපි input කරන්නෙ ඉලක්කම් නිසා "nextDouble()" කියලා දීලා තියෙනවා.
දැන් ඊලඟ ඉලක්කමටත් ඔය විදිහටම ලියන්න.

System.out.print("Enter Second Number: ");
SNum = UserInput.nextDouble();


දැන් Answer එක calculate කරමු. ඒකට පහල විදිහට ලියන්න.

" Answer = FNum + SNum; "

Answer එක display කරමු.

" System.out.println("Answer = " + Answer); "

ඔක්කොම හරියට type කරානම් පහල විදිහට ඇවිත් තියෙන්න ඕනෙ.


දන් Run කරලා බලන්න. Errors අවෙ නැත්තම් Output එක පහල විදිහට ඇවිත් ඇති.


එහෙනම් ඊලඟ පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!

0 comments:

Post a Comment