අද කතා කරන්නෙ While Loop එක ගැන. මේකෙන් වෙන්නෙ මෙන්න මෙ වගෙ දෙයක්. අපි හිතමු අපිට එකම code එක කිහිප පාරක් ලියන්න උනා කියලා. ඒ කියන්නෙ මෙහෙම. අපි හිතමු අපිට 1 ඉඳලා 10 ඉලක්කම් print කරන්න ඕනෙ කියලා. එතකොට අපිට,
System.out.println(); කියන code එක කිහිප පාරක් ලියන්න වෙනවනෙ. එක වලක්වා ගන්න while loop එකෙන් පුලුවන්. while loop එකේ හැඩය මෙහෙමයි.
while (condition){
statement;
}
code එක පටන්ගන්නෙ while කියන වචනයෙන්. condition කියන තැන තියෙන code එක සත්‍ය වෙනකන් statement කියන තැන තියෙන code එක run වෙන එකයි මේකෙන් වෙන්නෙ. while කියන තැනට එනවා, condition එක සත්‍ය ද බලනවා, statement එක run කරවනවා. ආයෙත් මුලට යනවා, condition එක සත්‍ය ද බලනවා, statement එක run කරවනවා. ඔය විදිහට condition එක සත්‍ය නොවෙනකන් මේක loop එකක් විදිහට යනවා. අපි උදාහරනයක් බලමු. අපි 1 ඉඳලා 5 ට ඉලක්කම් ටික print වෙන්න code එක ලියමු. මෙකට මුලින්ම variable එකක් හදාගන්න ඕනෙ.
int counter;
ඊට පස්සෙ variable එකෙ අගය 1ට සමාන කරන්න ඕනෙ. ඒකට හේතුව, System.out.println(); කියන තැන අපි දෙන්නෙ මේ variable එක, තමයි print වෙන්නෙ.
counter = 1;
while loop එක ලියමු.
while (counter < 6){
System.out.println(counter);
}
මම condition එකට දුන්නෙ, "counter < 6" කියලා. එතකොට counter එකේ අගය 6 ට වඩා අඩු වෙන තුරු මේ loop එක run වෙනවා. ඔය විදිහට run කලොත් අපෙ program එක එකදිගට නවතින්නෙ නැතුව run වෙනවා. මොකද "counter = 1" නිසා, එක 6 ට වඩා අඩු නිසා මේක දිගටම run වෙනවා. එහෙනම් counter එකේ අගය print වෙන වාරයක් වාරයක් පාසා counter එකේ අගය එකකින් වැඩිවෙන්න හදන්න ඕනෙ. ඒක JAVA #9 දි කියලා දුන්නා.
counter++;
සම්පූරණ code එක මෙහෙමයි.
ඕක run කරාම මෙහෙම output එක එයි.
ඉතින් ඔහොමයි while loop ලියන්නෙ. අනිත් පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
Tuesday, February 4, 2014
Related Post
JAVA #12 : Switch Statement භාවිතයඅද පාඩම Switch Statement එක ගැන. Switch Statement කියලා කියන්නෙ If Statement එක වගේම එකක්. අපි හිතම
JAVA #10 : තීරණ ගන්න හැටි ( If Statement )අද කියන්න හදන්නෙ තීරණ ගන්නෙ කොහොමද කියලා. මම කිව්වෙ Java වලදි...Java වලදි තීරන ගන්න, ප්‍රධාන වශයෙන්
JAVA #14 : Classes කිහිපයක් එක්ක වැඩ කරමු අපි මෙච්චරකල් වැඩකරේ එක class එකක් ඇතුලෙ විතරයි. ඔය ගොල්ලො ලොකු software එකක් වගේ හදනවනම්, සමහරවි
JAVA #9 : Increment Operators භාවිතා කරන හැටිඅද පාඩමෙන් මම කියන්න යන්නෙ Increment Operators කියලා මෙව්ව එකක් ගැන. පාඩම ඉස්සරහට යද්දි මම කියන්නෙ
JAVA #2 : JAVA program run කරවන හැටිඅපි java program ලියන්න පටන්ගන්න කලින් නිවැරදිව java program එකක් run කරවන්නෙ කොහොමද කියල බලමු. 1.
JAVA #17 : Constructors එක්ක වැඩ කරමුඅද කියන්න යන්නෙ constructors ගැන. මේකෙන් කරන්නෙ මේ වගෙ දෙයක්, අපි Object එකක් හැදුව කියමුකො. ඒ හදපු
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.