අද කරන්නෙ එක class එකකින් තවත් class එකකට තොරතුරු යවන්නෙ කොහොමද කියන එක. මගෙ project එකේ දැනට class 2ක් තියෙනවා. එකක් "Class1" අනික "Class2". මම Class1 එකෙ ඉඳලා Class2 එකට Data එක යවලා ඒකෙන් output එක ගන්න තමයි code එක ලියන්න යන්නෙ. මේකට කලින් පාඩමේ කරපු ඒවත් සම්බන්දයි.
මෙහෙමයි වෙන්නෙ. Class1 එක භවිතකරලා user ගෙන් input එකක් ගන්නවා "Enter your name" කියලා. ඒ Data එක Class2 එකට යවලා ඒකෙන් Output එක ගන්නවා "Hello" + your name විදිහට. දැන් තෙරෙනවා ඇති කරන්න යන දේ. අපි මුලින්ම Class1 එකේ code එක ලියමු. මෙන්න code එක.
(Note:සියලුම codding NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත)
මුලින්ම Scanner එක import කරගෙන ඉන්න. ඒකට class එකට ඉහලින් මෙහෙම ලියන්න.
import java.util.Scanner;
දැන් main method එකේ මෙහෙම ලියන්න.
Scanner input = new Scanner(System.in);
Class2 Class2Object = new Class2();
System.out.print("Enter your name here : ");
String name= input.nextLine();
ඔතන වෙන දේ සරලව මෙකයි. පලවෙනි පේලිය "Scanner variable" එක හදන එකයි. variable name එක විදිහට "input" කියලා දීලා තියෙනවා. ඊලඟ පේලිය class object එක හදන එකයි. වෙනත් class එකක් මේ class එකත් එක්ක සම්බන්ද කරද්දි ඕක ඕනෙවෙනවා කියලා කලින් පාඩමේදි කිව්වනෙ. තුන්වෙනි පේලියෙන් Enter your name here කියලා print කරනවා. අන්තිම පේලියෙන් user input කරන එක name කියන variable එක save කරනවා. ඔය ඔක්කොම කලින් පාඩම් වලදි කියපුවා. මතක නැත්තම් ආයෙත් පාරක් බලන්න. ඔතනින් code එක ඉවර වෙන්නෙ නෑ. තව ටිකක් තියෙනවා. ඒ ටික අන්තිමට කරමු.
දැන් Class2 එකට යන්න. ඒකෙ public void message() කියන method එක තියෙනවද. අපි කලින් පාඩමේදි කරේ. අන්න ඒ method එකට ගිහින් මෙහෙම ලියන්න. පොඩි දෙයක් කියන්න තියෙනවා. public void message() කියන එකේ වරහන් ඇතුලෙ අපි මොකුත් type කරලා නෑ. එහෙනම් ඔය වරහන් තියෙන්නෙ මොකටද? ඔය method එක වැඩකරන්න මොනවහරි data අවශ්‍ය වෙනවනම් එව රඳවන්න තමයි ඕක තියෙන්නෙ. උදාහරනයක් හැටියට දැන් මේ class එක වැඩ කරන්න නම් අපිට ඕනෙ Class1 එකෙන් එවන name කියන data එක. ඒකට අනුව තමයි මේ class එකෙන් "Hello" + name විදිහට print වෙන්නෙ. ඒක හින්දා අපි වරහන් ඇතුලෙ ඕක ලියන්න ඕනෙ.
public void message(String name);
name කියන එක String(අකුරු) variable එකක් හින්දා "String name" කියලා තියෙනවා. ඕය විදිහට වරහන් ඇතුලේ තියන එකකට කියනවා "Argument" එකක් කියලා. දැන් method එකේ ඉතුරු ටික ලියමු.
System.out.println("Hello " + name);
ඕක ඉතින් දන්නවනෙ. කියන්න දෙයක් නෑනෙ. දැන් ආයෙත් Class1 එකට ගිහින් මෙහෙම ලියන්න.
Class2Object.message(name);
ඕකෙන් තමයි Class2 එකට data එක යවන්නෙ. Class2Object කිව්වෙ Class2 එක හඳුනාගන්න හදපු object එක. message කිව්වෙ Class2 එකේ තියෙන method එක.
මෙන්න Class1 එකේ code එක
මෙන්න Class2 එකේ code එක
මෙන්න final output එක. මම Kamal කියලා enter කරා output එක Hello Kamal කියලා ආවා.
ඔන්න ඔහොමයි වෙන්නෙ.එහෙනම් අදට ඉවරයි. ඊලඟ එකෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
Tuesday, February 4, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment