අද පාඩම Switch Statement එක ගැන. Switch Statement කියලා කියන්නෙ If Statement එක වගේම එකක්. අපි හිතමු අපි ලඟ variable එකක් තියෙනවා, එකෙ අගය නිතරම වෙනස් වෙනවා කියලා. අපිට ඕනෙ ඒ වෙනස් වෙන එක එක අගයන්ට අනුව මොකක් හරි දෙයක් print වෙන්න හදාගන්න. variable එකේ අගය 1 නම් මේක print කරන්න, අගය 2 නම් මේක print කරන්න, අගය 3 නම් මෙක print කරන්න.... යන විදිහට. ඔන්න ඔහොම එකක් ලේසියෙන් Switch Statement එක පාවිච්චි කරලා හදාගන්න පුලුවන්. මොකද If පාවිච්චි කරලා ඕක හැදුවොත් if, else if, else if, else if...... කිය කිය ගොඩක් code ලියන්න වෙන හින්දා.
Switch Statement එකේ මූලික හැඩය මෙහෙමයි.
switch (condition) {
case expression 1:
statement 1;
break;
case expression 2:
statement 2;
break;
case expression 3:
statement 3;
break;
.
.
.
default:
statement 4;
break;
}
අපි දැන් උදාහරනයක් බලමු. එතකොට හොඳට පැහැදිලි වෙයි. මම variable එකක් හදනවා number කියලා. එකෙ අගය දැනට 3ට සමාන කරමු.
int number;
number = 3
දැන් Switch Statement එක භාවිතා කරලා code එක ලියමු, number කියන එකෙ අගය 1 නම් "FIRST" කියලා print වෙන්නත්, number කියන එකෙ අගය 2 නම් "SECOND" කියලා print වෙන්නත්, number කියන එකෙ අගය 3 නම් "THIRD" කියලා print වෙන්නත්, එකක් වත් හරියන්නෙ නැත්තම් "I DON'T KNOW" කියලා පෙන්නන්නත් හදමු.
switch (number){
case 1:
System.out.println("FIRST");
break;
case 2:
System.out.println("SECOND");
break;
case 3:
System.out.println("THIRD");
break;
default:
System.out.println("I DON'T KNOW");
break;
}
හැම statement එකකටම පස්සෙ break; කියලා අනිවාර්යෙන් යොදන්න ඕනෙ. ඔතන හොඳට මතක තියාගන්න, "case" කියන පේලියේ අගට තියෙන්නෙ regular colon ( : ) කියන ලකුන. "System.out.println....." කියන පේලියෙ සහ "break" කියන පේලි වල අගට තියෙන්නෙ semi colon ( ; ) කියන ලකුන. code එකේ අන්තිමට තියෙනවා "case" වෙනුවට "default" කියලා දාලා. එකෙන් වෙන්නෙ, ඊට කලින් තියෙන එකක් වත් හරියන්නෙ නැත්තම් මෙක කරන්න කියන එක. අපි number = 4 කියලා දැම්මොත් switch එකෙන් බලනවා කොයි case එකද හරියන්නෙ කියලා, එකකට වත් හරියන්නෙ නැති හින් දා default කියන එකට යවනවා. දැන් තේරෙන්න ඇති. "number" කියන එකේ අගය වෙනස් කරලා බලන්න අනිත් එවත් වැඩ ද කියලා.
අදට පාඩම ඉවරයි. ඊලඟ එකෙන් හම්බෙමු.
සුභ දවසක් වෙවා...!
Tuesday, February 4, 2014
Related Post
JAVA #14 : Classes කිහිපයක් එක්ක වැඩ කරමු අපි මෙච්චරකල් වැඩකරේ එක class එකක් ඇතුලෙ විතරයි. ඔය ගොල්ලො ලොකු software එකක් වගේ හදනවනම්, සමහරවි
JAVA #2 : JAVA program run කරවන හැටිඅපි java program ලියන්න පටන්ගන්න කලින් නිවැරදිව java program එකක් run කරවන්නෙ කොහොමද කියල බලමු. 1.
JAVA #11 : Logical Operators භාවිතා කරන හැටිඅපි ගියපාර පාඩමෙන් ඉගෙනගත්තා if භාවිතා කරලා එකපාර teat කිහිපයක් කරන්නෙ කොහොමද කියලා. අදත් කරන්නෙ ඒ
JAVA #8 : Math operators භාවිතා කරන හැටිඅද මම කියලා දෙන්න හදන්නෙ Math operators ගැන. ඒ කියන්නෙ එකතු කිරීම(+), අඩු කිරීම(-), බෙදීම(/), වැඩි
JAVA #3 : JAVA IDE එක බාගමුඅදත් ඔන්න පාඩම පටන්ගන්නයි යන්නෙ. කලින් පාඩමේදී JAVA program එක run කරන හැටි අපි ඉගෙනගත්තට, ඒකෙ codi
JAVA #7: සරල calculator එකක් හදමුඅපි මෙතෙක් කල් ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා, සංඛ්‍යා 2 ක් එකතු කරන්න පුලුවන් සරල calculator එකක් හද
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.