eg: 7 / 3 = 2යි "ඉතිරි 1යි".
එහෙනම් වැඩේ පටන් ගම්මු. "Main Method" එකට ගිහින් පහල විදිහට code එක ලියන්නකො.
int apples, mangos, fruits;
apples = 10;
mangos = 3;
fruits = apples + mangos;
System.out.println(fruits);
ඔය ටිකේ කියලා දෙන්න තරම් දෙයක් නෑ. අපි කලින් කරපු ඒවමයි තියෙන්නෙ. ඕකෙ 4 වෙනි පෙලිය තමයි වෙනස් වෙන්නෙ.operators පාවිච්චි කරන හැටි වෙනවෙනම මම පහලින් දාලා තියෙනවා.
1. එකතු කිරීම ( + ) කරන හැටි...
fruits = apples + mangos;
2. අඩු කිරීම ( - ) කරන හැටි...
fruits = apples - mangos;
3. වැඩි කිරීම ( * ) කරන හැටි...
fruits = apples * mangos;
4. Modulus එක ( % ) ගන්න හැටි...
fruits = apples % mangos;
5. බෙදීම ( / ) කරන හැටි...
fruits = apples / mangos;
බෙදිමෙදි පොඩි ප්‍රශ්නයක් එනවා. 10 , 3න් බෙදුවහම 3.3333.... වගේ ගානක් නෙ එන්නෙ. ඒත් අපිට උත්තරේට එන්නෙ 3 විතරයි.
ඒකට හේතුව තමයි, අපි variables ලියද්දි පාවිච්චි කරපු "Data Type" එක. "int" කියන්නෙ පූර්න සංඛ්‍යා කියලා කිව්ව මතක ඇතිනෙ. අපි ලියපු "variables" 3ම "int" type එකෙ හින්දා අපිට උත්තරෙට එන්නෙත් පූර්න සංඛ්‍යාවක්ම තමයි. එක හදාගන්න නම් variable වල Data Type එක "double" කියලා වෙනස් කරා නම් හරි.
double apples, mangos, fruits;
apples = 10;
mangos = 3;
fruits = apples / mangos;
System.out.println(fruits);
අද කරේ එච්චර අමාරු දෙයක් නෙවේ. එහින්දා හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊලඟ පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.