Thursday, December 26, 2013

JAVA #5 : variables එක්ක වැඩ කරන හැටි

අද පාඩම variables ගැන. variables කියල කියන්නෙ විචල්‍ය එහමත් නැත්තම් නිතර නිතර වෙනස්වන දේවල් වලට. 7 වසරෙ පන්තියෙදි කිව්ව මතක ඇතිනෙ " x = 3 හා y = 5 නම්, x + y =  කීයද? " අන්න ඒ වගේ x , y වගේ ඒවට තමයි variables කියලා කියන්නෙ. programming වලදි variables කියලා කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්. variable

එකකින් කරන්නෙ අපේ computer එකේ main memory එකෙන් කොටසක් වෙන් කර ගන්න එක. ලොකු program හදද්දි අපේ computer එක slow වෙන්නෙ නැතුව තියාගන්න , ඒක අපිට ගොඩාක් උදවි වෙනවා. ඒවගේම program එක අතුලෙදි එක එක දත්ත, තාවකාලිකව තියා ගන්නෙත් variables වල තමයි.

Variable Types/Data Types (variable වර්ග)


ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන variable types කිහිපයක් තියෙනවා. variable type කිව්වෙ අපිට අවශ්‍ය variable එක අකුරු වලින් හැදිච්ච එකක්ද, ඉලක්කම් වලින් හැදිච්ච එකක්ද ආදී වශයෙන් , java වලට හඳුන්වලා දෙන්න පවිච්චි කරන වචනයක්.

මූලික variable types...

  • int - පූර්න සංඛ්‍යා (1, 2, 3, -1, -2...)
  • String - අකුරු (apple, පැපොල්)
  • double - දශම සංඛ්‍යා (1.25, 0.234, -5.76)
  • boolean - True/False , 0/1 (ඇත හෝ නැත බව..)

variable ලියන හැටි

" (variable type)<space>(variable name) " ඔය විදිහට තමයි ලියන්න ඕනෙ. variable name එකට අපිට කැමති නමක් දෙන්න පුලුවන්. හැබැයි අකුරු, ඉලක්කම් සහ underscore ( _ ) හැර අනෙක් සංකේත යොදාගන්න බෑ.

උදාහරණ:

  • int FirstNumber
  • String Name
  • int F_Num

පොඩි program එකෙක් ලියමු...


පහල රූපයේ විදිහට ලියන්නකො.
(Note: සියලුම coddings NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත )


"double trouble" කියන එකේ "double" කියන්නෙ variable type එක, "trouble" කියන්නෙ variable name එක. ඊට පස්සෙ "trouble = 97.8" කියලා,
trouble කියන variable එකට 97.8 කියන ඉලක්කම ඇතුල් කරලා තියෙනවා. ඊට පස්සෙ ඒ variable එක display කරලා තියෙනවා. variable එකක් display කරද්දි

උදෘතපාට ( " " ) යොදන්න ඕනෙ නෑ. හැබැයි මොකක් හරි අකුරු ටිකක් එක්ක variable එක display කරන්න ඕනෙ නම් පහල විදිහට එකතු කිරීමේ ලකුන ( + ) එක්ක අදාල වචන උදෘතපාට ( " " ) අතුලෙ ලියන්න.




එහෙනම් අදට පාඩම ඉවරයි. අනිත් පාඩමෙන් හම්බෙමු. 

සුභ දවසක් වේවා...!

0 comments:

Post a Comment