Saturday, December 14, 2013

JAVA #2 : JAVA program run කරවන හැටි

අපි java program ලියන්න පටන්ගන්න කලින් නිවැරදිව java program එකක් run කරවන්නෙ කොහොමද කියල බලමු.

1. ඔක්කොටොම ක්ලින් අපි හදන java program save කරන්න තැනක් හදා ගම්මු. ඒකට C drive එක වගෙ තැනක Java කියල folder එකක් හදාගන්න(මේක ඔයාලට කැමති තැනක හදගන්න පුලුවන්)

2. Note pad එකේ, ඔය පල්ලෙහ තියෙන code එක type කරන්නකො. නැත්තම් copy --> paste කරලා එක, අර අපි කලින් හදපු folder එකේ "jschool.java" නමින් save කරන්න.


class jschool{
    public static void main(String args[]){
        System.out.println("Hello Buddy.....!");
    }
}


3. දැන් command prompt එක open කරල ඒක හරහා අපි කලින් හදපු Java කියන folder එකට යන්න. ද්න්නෙ නත්තම් පහල රූපය බලන්නකො.


4. දන් java file එක compile කරන්න ඔනෙ. එකට, මෙන්න මෙහෙම type කරන්න.
JAVAC jschool.java (ENTER කරන්න)
අපි හදපු file එකෙ coding වල අවුලක් තියනවනන් මෙතන පෙන්නනවා.
කිසිම error එකක් අවෙ නත්තම්, එකෙන් කියන්නෙ හරියට compile උනා කියන එක.

5. දන් java file එක run කිරීම හඳහා මෙහෙම type කරන්න.
JAVA jschool (ENTER කරන්න)
එතකොට Hello Buddy...! කියලා අපි type කරපු  එක පෙන්නයි.


අපි දන් ටිකක්, ඔය ලියපු code එක දිහා බලමු

ඔයවගේ එකකට අපි කියනවා class එකක් කියලා. ඒක අතුලෙ තියෙන එක( ඔය public static void..... කියලා පටන්ගෙන තියන්නෙ)  sub class නැත්තම් method කියල කියනවා.
පොඩ්ඩක් ඉන්න...
අපි පොඩි උදාහරනයක් ගමු,
දන් ඔයා ගෙයක් හදන්න යනව කියල හිත්මුකො ඈ... කොහොමද ගේ හදන්නෙ, ඉස්සෙල්ලාම foundation එක, ඊලන්ගට බිත්ති බඳින එක, ඊලන්ගට වහලෙ ගහන එක...etc. ඔය විදිහට කරනවනෙ. දැන් අපේ ප්‍රධාන කාර්යය ගේ හදන එක නේ.. එත්කොට ඒක තමයි class එක වෙන්නෙ. බිත්ති බඳින එක, වහලෙ ගහන එක වගේ වැඩ sub classes නැත්තම් methods වගේ කියල කියන්න පුලුවන්. 



අපි code එකේ class jschool කියල පටන්ගෙන තියනවනේ. "jschool" කියන්නෙ class name එක. මතක තියාගන්න ඒකම තමයි අපි file එක save කරද්දි file name එක විදිහට දෙන්නත් ඔනෙ, නැත්තම් ERRORS එයි.

class Name එක ලියද්දි සැලකිලිමත් විය යුතු කරුනු

class Name එක සැමවිටම,

  • ඉංග්‍රීසි අකුරකින් පටන්ගන්නෙ ඔනෙ
  • හිස්තැන් තියන්න බෑ
  • විශෙෂ සලකුනු අදිය (@, #, +,%...) යොදන්න බෑ, අවශ්‍ය නම් පමනක් ( _ ) ලකුණ යොදාගන්න පුලුවන්.

අදට ඔය ඇති.  අපි coding ගන තව විස්තර ඉදිරියට බලමු.
එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම සුභ දවසක් වේවා...












0 comments:

Post a Comment