Java වලදි තීරන ගන්න, ප්රධාන වශයෙන් භාවිතා කරන එකක් තමයි If statement එක. තීරණ ගන්නවා කියන්නෙ...?
දැන් අපි හිතමු, අපි හදනවා program එකක් අපේ exam marks enter කරාම අපි pass ද fail ද කියලා display කරන එකක්. අපි හිතමු 50 ට වැඩිනම් pass නැත්තන් fail කියලා. ඔන්න ඔතනදි අපිට හොයාගන්න වෙනවා අපි enter කරපු marks 50 ට වැඩි ද අඩු ද කියලා
අන්න ඒ වගේ වෙලාවට තමයි මේ If statement එක ඔනෙ වෙන්නෙ. ඕක ලියන්නෙ මෙහෙමයි.
if (condition) {
statement 1;
}else {
statement 2;
}
මම ඕක ටිකක් පැහැදිලි කරන්නම්. මුලින්ම පටන්ගන්නෙ " if " වලින්. ඊට පස්සෙ තියෙන්නෙ condition එක. ඒ කිව්වෙ අපිට test කරලා බලන්න ඕනෙ මොකක්ද කියන එක. කලින් උදාහරනෙ හැටියට marks, 50 ට වැඩි ද අඩු ද කියන එක. ඊලඟට statements තියෙනවා. ඒ කිව්වෙ condition කියන තැන තියෙන එක හරිනම් මෙන්න මේ මේ දේවල් වෙන්න කියලා මෙතන දෙන්න තියෙන්නෙ. ඊලඟට "else" ඒකිව්වෙ condition කියන තැන තියෙන එක හරියන්නෙ නත්තම් මෙන්න මේ මේ දේවල් වෙන්න කියලා තමයි තියෙන්නෙ. දැන් ටිකක් පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් අපි program එක ලියමු.
int marks = 65;
if (marks > 50) {
System.out.println("Pass");
} else {
System.out.println("Fail");
}
මම මෙතනදි "marks" variable එක ලියපු තැනම, එක 65 ට සමාන කරා. එහෙම ලියන්න පුලුවන්. අපිට වෙන වෙනම "int marks;" සහ "marks = 65;" ලියන්න ඕනෙ නෑ. එකටම ලියන්න පුලුවන්.
දැන් මෙතනදි condition එක, එහෙමත් නැත්තම් test එක තමයි marks > 50 කියන එක. " marks > 50 " නම් "Pass" කියලා print කරනවා, නැත්තම් "Fail" කියලා print කරනවා. marks = 65 නිසා උත්තරේ "Pass" කියලා ඇවිත් ඇති.
අපි බලමු මෙහෙම තීරණ ගන්න පාවිච්චි කරන්න පුලුවන් operators මොනවද කියලා. මෙ program එකෙදි අපි පාවිච්චි කරේ "විශාල ( > )" ලකුණ. ඒ වගේම....
- > : විශාල
- < : කුඩා
- >= : විශාල හෝ සමාන
- <= : කුඩා හෝ සමාන
- != : අසමාන
- == : සර්වසම (1ක් සමාන ලකුණක් යෙදුවොත් ඒකෙන් අදහස් වෙන්නෙ ආදේශ කිරීමක්[eg: marks=65]. ඒ නිසා සමාන ලකුනු 2ක් යොදලා තියෙනවා... )
අපි කලින් උදාහරනෙදි if statement එක පාවිච්චි කරලා එක test එකක් විතරයි නෙ කරේ. test එකකට වඩා කරන්නත් පුලුවන්. ඒකෙදි ලියන්නෙ මෙහෙමයි.
if (condition 1) {
statement 1;
}else if (condition 2){
statement 2;
}else if (condition 3){
statement 3;
}else{
statement 4;
}
එහෙනම් අදට පාඩම ඉවරයි. ඔය ටික හොඳට පුරුදු වෙලා එන්න. ඊලඟ පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
0 comments:
Post a Comment