(Note:සියලුම codding NetBeans IDE එක භාවිතයෙන් සිදු කර ඇත)
අලුත් class එකක් ගන්න හැටි.
මුලින්ම File ---> New File... යන්න. categories වලින් "Java" තොරලා, file type කියන එකෙන් "Java Class" තොරලා "Next" කරන්න.
ඊලඟ window එකෙන් class එකට නමක් දීලා "Finish" කරන්න.
එහෙම නැත්තම් "Projects" window එකේ, "Source Packages" වල "myapp1"(project name එක) right click කරලා "New ---> Java class" ගිහිනුත් පුලුවන්.
එහෙම ලැබෙන අලුත් class එක අපේ code window එකේ ඉහලින් පෙන්නනවා. තව Projects window එකෙත් පෙන්නනවා.
අලුත් class එකේ ඔය "අලු" පාටින් තියෙන එව අයින් කරලා මෙන්න මේ විදිහට හදාගන්නකෝ.
ඕකෙ method එකක් නෑ. දැන් "method" එක ලියන්න ඕනෙ. "public class NewClass" කියන එකට පහලින් මේ විදිහට හදන්න. "Method" එකෙ නම "message" කියලා දාගම්මු.
public void message(){
}
Method ලිය්ද්දි ඔය කියන වචන වල තෙරුම් ටිකත් කියන්නම්කො. public කියන්නෙ ඕනෙ කෙනෙකුට(පිටත class එකකට) මේ method එක access කරන්න පුලුවන් කියන එක. void කියන්නෙ මොකක්ද කියලා ඉස්සරහදි කියන්නම්. message කියන්නෙ method එකෙ නම.
අපි මුලින් සරල code එකක් ලියලා test කරලා බලමු. එකට NewClass කියන class එකේ "message" කියන method එකට ගිහින් මෙහෙම ලියන්න.
System.out.println("This is a new class");
ඔහොම ලියලා run කරාට මේක වැඩ කරන්නෙ නෑ. Java වලින් program එකක් run කරද්දි මුලින්ම හොයලා run කරන්නෙ main method එක. අපි දැන් හදපු class එකේ main method එකක් නෑ. ඒ වගේම කලින් class එකේ main method එකක් තිබුනට එකෙ code ලියලත් නෑ. ඒ හින්දා අපි දැන්, අපේ මුල්ම myapp1 class එකට ගිහින් code එක ලියමු.
වෙන class එකක තියෙන method එකක් මේ class එක හරහා access කරද්දි, මුලින්ම ඒ class එක හඳුන්වාදීමක් කරන්න ඕනෙ. ඒකට code එකට ලියන්න ඕනෙ මෙහෙමයි.
NewClass classObject = new NewClass();
ඔහොම කරනවට කියන්නෙ Object එකක් create කරනවා කියලා. ඔතන "NewClass" කිව්වෙ අපේ අලුත් class එකේ නම. ඒක ඒ විදිහටම දෙන්න ඕනෙ, අකුරු වරද්දන්නෙ නැතුව. "classObject" කිව්වෙ මේ class එකේදි, "NewClass" කියන class එක හඳුන්වන නම. මේකට ඔයාට කැමති නමක් දාගන්න. දැන් අපි මේ හදපු එක පාවිච්චිකරලා අලුතින් හදපු class එකේ තියෙන message කියන method එක run කරවමු. ඒකට මෙහෙම ලියන්න.
classObject.message():
myapp1 class එකේ code එක.
NewClass එකේ code එක
දැන් run කරලා බලන්න. ඔක්කොම හරියට කලානම් output එක ලස්සනට ඇවිත් ඇති.
එහෙනම් අනිත් පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
0 comments:
Post a Comment