අද කියන්න යන්නෙ constructors ගැන. මේකෙන් කරන්නෙ මේ වගෙ දෙයක්, අපි Object එකක් හැදුව කියමුකො. ඒ හදපු object එක හරහා එන variable ඒ වෙලාවෙම අදාල තැන් වලට යවන එකයි මෙකෙන් වෙන්නෙ. කියපු එක තේරුනාද මන්දා...
හරි අපි කරගෙන යමුකො.
Constructor එකක් හදන විදිහ Method එකක් ලියන විදිහමයි. ඒත් Name එකට class name එකම දෙන්න ඕනෙ. දැන් අපේ Class2 කියන class එකේ මෙහෙම ලියන්නකො...
public Class2(){
}
ඕක තමයි constructor එක. Method එකක් ලියන විදිහටම තමයි ලියන්නෙ. අපි ඉතුරුටිකත් සම්පූර්න කරමු. ගියපාර හදපු එක වගේ එකක් තමයි හදන්නෙ. පහල විදිහට ලියන්නකො.
private String myName;
public Class2(String name){
myName = name;
}
public void showName(){
System.out.println("Your name is " + myName);
}
දැන් Class1 එකේ මෙහෙම ලියන්න.
Class2 Class2Object = new Class2("KAMAL");
Class2Object.showName();
ඔතනදි අපි Object එක හදපු ගමන්ම එක හරහා variable එක("KAMAL"), Class2 එකට යවනවා. හැබයි කොතෙන්ටද යවන්නෙ කියලා අපි කිව්වෙ නෑ. එහෙම යවපු එකක් කෙලින්ම යන්නෙ constructor එකට. ඊටපස්සෙ ඒක හරහා අපිට ඒ variable එක පාවිච්චි කරන්න පුලුවන්. කලින් පාඩමේ දි අපි Class2Object.setname(); කියල line එකක් ලිව්වනෙ. එතනදි අපි කිව්ව setname කියන method එකට යවන්න කියලා. මෙකෙදි එහෙම ලියන්න අවශ්‍ය නෑ.
එහෙනම් ඊලඟ එකෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
Sunday, February 23, 2014
Subscribe to:
Post Comments (Atom)
ඉතුරු පාඩම් දාන්නේ නැද්ද?
ReplyDelete