සමහර වෙලාවට අපිට ඕනෙ වෙනවා එකම condition (condition කියන එක ගියපාර පාඩමෙන් කිව්වා....) ඒක ඇතුලෙ test කිහිපයක් කරන්න. අපි හිතමු exam එකෙ ලකුණු enter කරාම , ඒ ලකුණ 100 - 75 අතර නම් "A" කියලා දෙන්න ඕනෙ, 65 - 74 අතර නම් "B" කියලා දෙන්න ඕනෙ.... ඔය විදිහට කරන්න නම් අපිට "Logical Operators" ඕනෙ වෙනවා. "Logical Operators" කියන්නෙ "තාර්කික ගණිත කර්ම" වලට. උදාහරනය කරද්දි ඕය කිව්වෙ මොකක්ද කියලා තේරෙයි.
Logical Operators වර්ග
&& : AND (සහ)
|| : OR (හෝ)
1. AND ("&&")
AND කියන්නෙ "සහ" කියන එක. අපේ උදාහරණෙ හැටියට, අපි enter කරන ලකුණ 100 සහ 50 අතර නම් "A" කියලා වැටෙන්න ඕනෙ. ඒක test කරන්න වෙන්නෙ AND මගින්
(Marks <= 100) && (Marks >= 75)
(100ට අඩු/සමාන) සහ (75ට වැඩි/සමාන) නම් "A" print කරන්න. කියන එකයි ඕකෙන් කියන්නෙ. AND කියන එකේදි දෙපැත්තම සමාන උනොත් තමයි "A" කියලා print වෙන්නෙ. එක පැත්තක් සමාන වෙලා අනික් ඇත්ත අසමාන උනොත් හරි දෙපැත්තම අසමාන උනොත්හරි මෙක වැඩ කරන්නෙ නෑ.
2. OR ("||")
OR කියන්නෙ "හෝ" කියන එක. අපි හිතමු ලකුණ 65ට වැඩි උනත් "Pass" කියලා print වෙන්න ඕනෙ, 75ට වැඩි උනත් "Pass" කියලා print වෙන්න ඕනෙ කියලා. එතනදි දෙපැත්තෙන් එක පැත්තක් හරි සමාන වෙනවනම් "Pass" කියලා print වෙන්න ඕනෙ. එතකොට ලියන්නෙ මෙහෙමයි.
(Marks > 65) || (Marks >75)
(Marks >65) හෝ (marks >75) නම් "Pass" කියලා ප්රින්ට් කරනවා. OR වලදි, දෙපැත්තෙන් එක පැත්තක් හරි, දෙපැත්තම හරි සමාන නම් මෙක වැඩකරනවා. දෙපැත්තෙන් එකපැත්තක් හරි අසමාන නම් මේක වැඩ කරන්නෙ නෑ.
අපි කලින් කියපු උදාහරනයේ හැටියට program එකක් ලියමු.ඒ කියන්නෙ අපි enter කරන marks වල හැටියට A, B, C, F කියලා Grade එක පෙන්නන්න ඕනෙ.
int Marks = 56;
if (Marks<=100 && Marks>=75){
System.out.println("A");
}else if (Marks<=74 && Marks>=65){
System.out.println("B");
}else if (Marks<=64 && Marks>=55){
System.out.println("C");
}else if (Marks<=54 && Marks>=45){
System.out.println("S");
System.out.println("F");
}
ඕක run කරලා බැලුවොත් උත්තරේ "C" කියලා ඇවිත් ඇති. මේකෙදි මම පාවිච්චිකරේ "AND" විතරයි. ඔයගොල්ලො "OR" වලටත් එකක් හදලා බලන්න. එහෙම හදද්දි "Scanner" එකත් සම්බන්ද කරගන්න. මතක ඇතිනෙ මම කලින් පාඩමකදි කියලා දුන්න.
එහෙනම් අදට පාඩම ඉවරයි.
සුභ දවසක් වේවා...!
0 comments:
Post a Comment