ගියපාර පාඩමේදි, අපි java programming කරන්න භාවිතාකලේ Note pad එකනේ. Note pad එක විතරක් නෙවේ ඔය ගොල්ලන්න්ට පුලුවන් ඕනෑම Text Editor එකක් භාවිතා කරන්න. Notepad++ කියන්නෙ ඒ වගේ හොඳ Text Editor එකක්. ඒකෙ ගොඩාක් පහසුකම් දීලා තියෙනවා programming කරන අයට. කොහොමින් කොහොමින් හරි අද අපි බලන්නෙ JAVA IDE කියල "මෙව්ව" එකක් download කරගන්න.
JAVA IDE (JAVA Integrated Development Environment)
JAVA IDE කියන්නෙ Text Editor එකක් වගෙම තමයි, හැබැයි JAVA වලටම ගැලපෙන විදිහට පහසුකම් ගොඩා....ක් දීලා තියෙනවා.
අපි කලින් කරපු විදිහට, Notepad එකෙන් code කරලා CMD එකෙන් compile කරලා ආය run කරන්නත් ඔනෙනේ. ලොකු program ලියද්දි ඔහොම කරන එක අමාරුයි. ඒ වගේම එවගෙ errors ආවහම හොයාගන්නත් අමාරුයි. මාර කටටක් කන්න වෙන්නෙ. එවගේ දේවල් වලට විසඳුමක් විදිහට තමයි මේ IDE තියෙන්නෙ.
ප්‍රසිද්ධ java IDE කිහිපයක නම් කියන්නම්කො..
තව ගොඩාක් තියෙනවා. මම ඉදිරියට NetBeans භාවිතා කරලා program කරන්නයි බලාපොරොත්තුව. ඔයාලට කැමති එකක් භාවිතාකරන්න. ඔක්කොම එකවගේ තමයි.
NetBeans බාගමු...
මෙන්න මේ site එකට යන්නකෝ...
දැන් අපි download කරගත්තු setup එක සාමාන්‍ය විදිහට install කරන්න.
ඊලඟ පාඩමේ ඉඳන් අපි NetBeans භාවිතා කරලා program ලියමු.
එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් වේවා...!
0 comments:
Post a Comment