Friday, December 13, 2013

JAVA #1 : JAVA හැඳින්වීම

JAVA කියලා කියන්නෙ දැනට ලොකයේ තියෙන ජනප්‍රියම ප්‍රෝග්‍රැමින් වැඩසටහනක්. හැමොම ඔය නම අහල ඇති නේ... පරිගණක වලට විතරක් නෙවේ, ඉතා අලංකාර web site හදන්න, mobile phone apps හදන්න, Game හදන්න වගේ ගොඩාක් දේවල් වලට JAVA යොදා ගන්නවා. ඉතින් මට හිතුනා මේ කවුරුත් දන්න java ගැන මූලික දැනුමක් හරි දෙන්න පුලුවන් නම් හොඳයි නේද කියලා... හබැයි මම JAVA ගන මහ ලොකු දෙයක් නම් දන්නෙ නෑ ,දන්නෙ ඉතාමත් සුලු දෙයක් විතරයි...

පොඩි හැඳින්වීමක්...!

1991 දී ජේම්ස් ගොස්ලින් සහ හෙන්ඩ්‍රි මැක් කියලා දෙන්නෙක් තමයි මේක හදල තියෙන්නේ. මේකෙ අයිතිය නම් තියෙන්නෙ SUN Microsystems ආයතනයට. හැබැයි මෙක ඔනෙම කෙනෙකුට නොමිලේ download කරගන්න පුලුවන්. එහෙනම් තව මොන කතාද නේ.....

java programs වැඩකරන හැටි...!

අපි JAVA වලින් code කරදි ඒ file එක save වෙන්නෙ ".java" කියන එක්ස්ටෙන්ෂන් එකෙන්. ඊට පස්සෙ ඒ file එක java compiler කියලා වැඩස්ටහනක් මගින් compile කරනවා. compile කරනවා කියන්නෙ අපි ලියපු code එක computer එකට තේරෙන විදිහට හරවන එක. ඊට පස්සෙ ".class" එක්ස්ටෙන්ෂන් එක තියෙන file එකක් හැදෙනවා. එම class file එක JVM (Java Virtual Machine)  වැඩසටහන හරහා ඕනෑම OS එකක run කරන පුලුවන්.

JAVA Editions...!


  • J2SE : Java 2 Platform - Standard Edition   : පරිගණක වැඩසටහන් හදන්නෙ මෙකෙන්..
  • J2ME : Java 2 Platform - Mobile Edition   : කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරන සඳහා(mobile Phone, PDA)..
  • J2EE : Java 2 Platform - Enterprise Edition   : අන්තර්ජාලය හා සම්බන්ද සේවා වලට.. 

JAVA download කරමු...!


1. මෙන්න මේ site එකට යන්න කෝ..www.oracle.com
 

2. download button එක click කරන්න.
**අවශ්‍ය නම් Net Beans කියන Java editor එකත් එක්කම download කරන්න පුලුවන් (එහාපැත්තෙ button එක) ඒක අත්‍යාවශ්‍ය නෑ....

3. "Accept License Agreement" select කරලා, ඔයාගෙ OS එකට ගලපෙන version එක download කරන්න.



4. සමාන්‍ය විදිහට install කරගන්න.

Path එක හදන හැටි...!

1. ඔයා java install කරේ Program Files වල නම් එතනට යන්න.
"Java" කියන folder එක අතුලෙ "jdk1.7.xx" කියලා folder එකක් ඇති , එක අතුලෙ "bin" කියලා folder එකක් ඇති. එකට ගිහින් Address bar එකෙ පාත් එක copy කරගන්න.
එක මේ විදිහට ඇති "C:\Program files\Java\jdk1.7.xx\bin"

2. My Computer, right click කරලා Properties යන්න.
     **මීට පස්සෙ කරන එවා කල්පනවෙන් කරන්න. මොකක් හරි වරදුනොත් ඔන්න මම නම් නෑ.....

3. "Advanced System Settings" වල "Advanced" tab එකේ "Environment Variable" click කරන්න.


4. "System variables" වල "Path" කියන එක තෝරලා Edit දෙන්න.
"Variable value:" කියන එකේ අන්තිමට "තිත් කොමාව" ( ; ) දාලා(මේකෙ තියෙන එවා delete කරන්න එහෙම එපා..) අර copy කරගත්ත පාත් එක paste කරගන්න(හිස්තැන් තියන්න එපා) , ඊට පස්සෙ ඔක්කොම widows "OK" කරන්න.

දැන් හරි..

"Command Prompt" එකේ "JAVA" කියල type කරලා බලන්නකෝ....
"JAVA Help" එක Command Prompt එකෙ පෙන්වනවා නම් වැඩේ හරි.

එහෙනම් ඊලඟ පාඩමෙන් හම්බෙන්කන් ඔය දන්න දන්න දේවල් කරල බලන්නකෝ...
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment