අද මම කියලා දෙන්න යන්නෙ method කිහිපයක් එක්ක වැඩකරන හැටි ගැන සහ Instance variable ගැන. Instance Variable කියන්නෙ variable එකක්ම තමයි. ඒකෙන් පුලුවන් එකම variable එක method කිහිපයක හෝ class කිහිපයක පාවිච්චි කරන්න.
මුලින්ම Class2 කියන class එකට ගිහින් මෙහෙම ලියන්න( කලින් ලියපු methods තියෙනම් delete කරන්න). අපි variable එක ලියන හැටි බලමු.
private String myName;
ඔය line එක තියෙන්න ඕනෙ හැම method එකකටම පිටතින් සහ class එක ඇතුලෙ. ඒ කියන්නෙ "public cass Class2" කියන line එකට පහලින් ලිව්ව නම් හරි. "private" කියන එකේ තේරුම මෙම class එකේ අයට විතරක් මේ variable එක පාවිච්චි කරන්න පුලුවන් කියන එක. "public" කියලා දැම්මොත් වෙන classes වලටත් පුලුවන්. "myName" කියන්නෙ variable එකේ නම.
දැන් අලුත් method එකක් ලියමු.
public void setName(String name){
myName = name;
}
අපි පිටින් data එකක් එවනවා, මේ method එකට. එතකොට මේ method එක මගින් ඒ data එක myName කියන එකට සමාන කරන එක තමයි කරන්නෙ.
තව method එකෙක් ලියමු.
public String getName(){
return myName;
}
අපි මෙච්චර කල් දැක්කෙ public void.... කියලනෙ. මේකෙ තියෙන්නෙ String කියලා. මෙච්චර කල් ලියපු හැම method එකකින්ම output එකක් තිබුන. ඒත් මේ වගේ method එකකින් එලියට දෙන්නෙ මොකක් හරි variable එකක්. ඒක තමයි ඔය "return myName" කියලා තියෙන්නෙ, myName කියන variable එක return කරනව විතරයි.
තවත් method එකක් ලියමු
public void showName(){
System.out.println("Your name is " + getName());
}
මේ method එකෙන් තමයි අන්තිම output එක එන්නෙ. ඕකෙ අන්තිමට මම දීල තියෙන්නෙ getName() කියලා. ඒ කියන්නෙ getName කියන method එකේ නම. එතකොට වෙන්නෙ getName එකෙන් return කරන data එක පෙන්නන එකයි.
හරි දැන් අපි Class1 එකට ගිහින් code ලියමු. Scanner එක එහෙම import කරගන්න. ඒව ඉතින් කියලා දන්න ඕනෙ නෑනෙ. main method එකේ මෙහෙම ලියන්න.
Scanner input = new Scanner(System.in);
Class2 Class2Object = new Class2();
System.out .println("Enter your Name :");
String temp = input.nextLine();
Class2Object.setName(temp);
Class2Object.showName();
මුලින්ම input කියන Scanner variable එක හැදුවා. ඊලඟට Class2 එකේ object එක හැදුවා, "Enter your Name" කියලා print වෙන්න හැදුවා, user input කරන data එක temp කියන string type variable එකට යැව්වා, Class2 එකේ setName කියන method එකට temp කියන variable එක යැව්වා(temp කියන එක තමයි එතනදි name කියලා තියෙන්නෙ, එකම නමින් තියෙන්න අවශ්‍ය නෑ...), Class2 එකේ showName method එක run කෙරෙව්වා. ඔය ඔක්කොම කලින් කියලා දීපු ඒවා හින්දා විස්තර කරේ නෑ. දැන් run කරලා බලන්න.
අපි enter කරන name එක මුලින්ම setName කියන method එකට යවනවා. එතනදි myName කියන variable එකට name එක දානවා. ඊට පස්සෙ showName කියන method එක run වෙනවා. එතන අපි දුන්නෙ getName කියන method එකෙන් retun කරන variable එක ගන්න කියලා. getName එකෙන් myName එක return කරන හින්දා අන්තිම output එක විදිහ්ට "Your Name is " + myname විදිහට උත්තරේ එනවා.
ඔන්න ඔහොමයි ඉතින් වෙන්නෙ. එහෙනම් අනිත් පාඩමෙන් හම්බෙමු.
සුභ දවසක් වේවා...!
Sunday, February 23, 2014
Related Post
JAVA #8 : Math operators භාවිතා කරන හැටිඅද මම කියලා දෙන්න හදන්නෙ Math operators ගැන. ඒ කියන්නෙ එකතු කිරීම(+), අඩු කිරීම(-), බෙදීම(/), වැඩි
JAVA #2 : JAVA program run කරවන හැටිඅපි java program ලියන්න පටන්ගන්න කලින් නිවැරදිව java program එකක් run කරවන්නෙ කොහොමද කියල බලමු. 1.
JAVA #14 : Classes කිහිපයක් එක්ක වැඩ කරමු අපි මෙච්චරකල් වැඩකරේ එක class එකක් ඇතුලෙ විතරයි. ඔය ගොල්ලො ලොකු software එකක් වගේ හදනවනම්, සමහරවි
JAVA #9 : Increment Operators භාවිතා කරන හැටිඅද පාඩමෙන් මම කියන්න යන්නෙ Increment Operators කියලා මෙව්ව එකක් ගැන. පාඩම ඉස්සරහට යද්දි මම කියන්නෙ
JAVA #10 : තීරණ ගන්න හැටි ( If Statement )අද කියන්න හදන්නෙ තීරණ ගන්නෙ කොහොමද කියලා. මම කිව්වෙ Java වලදි...Java වලදි තීරන ගන්න, ප්‍රධාන වශයෙන්
JAVA #11 : Logical Operators භාවිතා කරන හැටිඅපි ගියපාර පාඩමෙන් ඉගෙනගත්තා if භාවිතා කරලා එකපාර teat කිහිපයක් කරන්නෙ කොහොමද කියලා. අදත් කරන්නෙ ඒ
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.